Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර දකුණු පළාතෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙයි

2 years ago

බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර අනෙකුත් සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගැනුමේ හැකියාව පවතිනවා.

මෙම නව ක්‍රම වේදය ඊයේ (03) දිනයේ සිට ක්‍රියාත්මක වන බවයි දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් සඳහන් කළේ.

මෙලෙස වෙනත් පළාතක වාහන ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීමේ දී ඒ වෙනුවෙන් රුපියල් 100 ක අමතර මුදලක් අය කරනවා.