පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පදවිය, වැලිඔය සම්පත් නුවර ප්‍රදේශයේ පදිංචි කුකුල් චමින්ද නම් පුද්ගලයෙකු විසින් ඔහුගේ නිවසේදී කුඩා දරුවෙකු කෑම කමින් සිටින අතරතුරදී අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අසල්වැසියෙකු විසින් වීඩියෝ කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරුගේ නිවස වැටලීමක් කොට ඇති අතර සැකකරු ඒ වන විටත් ප්‍රදේශයෙන් පලාගොස් සැඟව ඇති බව පොලීසිය පවසනවා.
මෙම පුද්ගලයා මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙම දරුවාට අමානුෂිකව පහරදී ඇති අතර ඔහුට ඇති බිය නිසා කිසිවෙකු පොලීසියට මේ පිළිබඳව දැනුම් දී නොමැත.
සැකකරු සොයා මේ වන විට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති අතර ඔහු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

