Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහා නාය යෑමකින් නිවැසියන්ගේ ජීවිත බේරාගත් අඟලවත්තේ සුරතල් සුනඛයා

2 years ago

රටට කළ විනාශය මෙපමණයි කියා මිල කළ නොහැකි තරමට මෙවරත් කාලගුණය අකාරුණික වුණා. මේ හේතුවෙන් බොහෝ දෙනෙකුගේ ජීවීත මෙන්ම දුක් මහන්සියෙන් උපයාගත් වත්කම්ද බලා සිටියදීම වතුරෙ ගියා.

කාලගුණයෙන් මෙවන් අකටයුතුම් සිද්ධ වෙද්දී, අපි බලාපොරොත්තු නොවන ඇතැම් සිදුවීම්ද එහෙන් මෙහෙන් දැනගන්න ලැබෙනවා.

මේ කියන්නේත්, ඒ වගේ සිදුවීමක්.

මේ කථාව වීර සුනඛයෙකුගේ කථාවක්.

දවස් ගානක ඉඳන් වහින වැස්ස අගලවත්තට ඊයෙත් මහ හයියෙන් ඇඳහැළුණා.

එසේ ඇඳහැලෙද්දී බෙල්ලන පැත්තේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගියා.

එහි බලපෑම මත අසල තිබූ නිවස සම්පූර්ණයෙන්ම යටවුණා.

නමුත් වාසනාවට කන්ද නාය යන්න විනාඩි 15කටත් කළින් ඒ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු ජීවිත හතරක් සීරිමක්වත් නැතුව දිවි ගලවා ගත්තා.

මෙසේ ඔවුන්ට ජීවිත අභයදානය ලැබුණේ ඔවුන් නිවසේ ඇතිකල ‘කළු’ නම් සුනඛයෙක් නිසා.

මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ පාන්දර එකට විතර.

මහා වැස්සක් ඇඳහැලෙන නිසා නිවසේ සියලු දෙනාටම නින්දක් තිබිලා නැහැ. කළුටත් එහෙම්මයි.

නමුත් ඔවුන් වැස්සේ විපරමින් සිටියත්, පිටුපසින් තිබෙන කන්ද පැමිණෙවි කියා කිසි විටකවත් විශ්වාස කරන්න නැතුව ඇත.

ඔවුන් මෙසේ අවදියෙන් සිටියදී ‘කළු’ තදින්ම බුර බුරා ගේ පිටිපස්සට වෙලා ඉඳලා තියෙනවා.

මොකද මේ කවදාවත් නැතුව කළු මේ විදියට බුරන්නේ යැයි සිතමින් ගෙදර ස්වාමියා කළු හොයාගෙන ගිහින්.

එවිටයි ඔහු දැක ඇත්තේ ගේ පිටුපස පස් කන්ද මැදින් මඩ පාටට විශාල වතුර පාරක් එනවා.

දෙපාරක් නොහිතපු ස්වාමියා වහා ගේ ඇතුළුට ගොස්, නිවසේ සිටි අංශභාග රෝගී පියා ඇතුළු සියලු දෙනා රැගෙන පුළුවන් තරම් ඉක්මනින් ගේ පසුකර යන්න ගියා.

කළුත් ඒ පස්සෙන්ම දුවගෙන ඇවිත්.

වැඩි වේලාවක් යන්න යළින් වාහන දෙකක් එකට ගැටෙනවා වගේ විශාල ශබ්දයක් නඟමින් කන්ද, නිවසත් යටකරගෙන යන්න ගියා.

අසුරු දැනින් සුරතල් කළු ඒ අනතුරු ඇඟවීම නොකළානම් අද ජීවිත හතරක් පොළොවට යට වූ ඒ අවාසනාවන්ත පුවත ඇසෙන්නට තිබුණා. (monara)