නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත් මෙම මස 14 වැනිදා සිට ජූලි මස 5 වැනිදා දක්වා කාලයේ කැඳවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මෙවර ලබා ගත හැකි වන්නේ කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් පමණි.
වෙනත් වර්ෂවලදී එම අත්පොත වෙළෙඳපළෙන් මිල දී ගත යුතුය.
අයැදුම්පතේ සංශෝධන පවතී නම් ඒ සඳහා තවත් සති තුනක කාලයක් එනම් ජූලි මස 19 වැනිදා දක්වා කාලය ලබා දෙන අතර අයැදුම්කරුවන්ට සංශෝධන කර ගැනීමට හැකි වන්නේ එක් අවස්ථාවකදී පමණි.
අයැදුම්පත් කැඳවීමෙන් පසු සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ නිකුත් කිරීමට ද කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

