Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුඩා දරුවෙකුට අමානුෂික අයුරින් පහරදුන් සැකකරු අත්අඩංගුවට! කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර!

2 years ago

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝව හා සම්බන්ධ එම දරුවාගේ පියාව වැලිඔය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (05) අලුයම වැලිඔය පොලිසිය විසින්, මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමකදීයි.

එම අවස්ථාවේදී පහරකෑමට ලක් වූ සිව් හැවිරිදි දරුවාද ඔවුන් සමඟ සිට ඇති අතර දරුවාව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 45 වන වියේ පසුවන අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඔහු සමග සිටිමින් අත්අඩංගුවට පත්වූ සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 37 හා 46 වියෙහි පසුවන බවත් පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් තිදෙනාම වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.