Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සූර්ය පැනලය විනාශ කළ මයිකල් ජෝන්ස්ගේ දැවැන්ත හයේ පාර

2 years ago

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ත‍රගාවලියේ 6 වන තරගය එංගලන්තය හා ස්කොට්ලන්තයා අතර ඊයේ පැවැත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

වර්ෂාව හේතුවෙන් එම තරගය පන්දුවාර දහයකට සීමා වූ අතර ස්කොට්ලන්තය පන්දුවාර දහය අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේය.

එම තරගයේදී ස්කොට්ලන්ත පිතිකරු මයිකල් ජෝන්ස් එල්ල කළ හයේ පහර කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.

එහිදී පන්දුව ක්‍රීඩාගාරයේ වහලයක් මත තිබූ සූර්ය පැනලයකට වැදුණු අතර එයින් සූර්ය පැනලයට දැඩි හානි සිදුවිය.