ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙස බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් උපදෙස් දී තිබේ.
පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ජූනි 03 දින නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.
මේ අතර, පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් අද (05) දිනයේද වසා දමා තිබුණි.
මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට ආරම්භ කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කරනවා.
දැනට ගංවතුර තර්ජනයට ලක්ව ඇති සහ අවතැන් කඳවුරු සහිත පාසල් සඳහා මෙය අදාළ නොවන බව ද සඳහන්.
එමෙන්ම රත්නපුර අධ්‍යාපන කලාපයේ, රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ මෙන්ම, නිවිතිගල කලාපයේ ඇලපාත, අයගම කොට්ඨාසවල පාසල් හෙටත් (06) නොපැවැත්වෙන බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

