ගුරු වැටුප් විෂමතාව විසඳීමට බිලියන 40ක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් තැන තැන පොරොන්දු දෙන අයට මෙය හෙට සිට භාරගෙන කරන්න යැයි තමන් අභියෝග කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව ප්‍රකාශ කළා.
ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමීමේ පිටපුසද දේශපාලන හස්තයක් ඇති බව ඔහු කියා සිටියා.
තමන් ඒ පිළිබඳ විවෘත කතා කිරීමට අකමැති බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ කෙසේ වුවත් එය ඔවුන්ගේ අයිතියක් බවයි.
“ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමීමේ පිටුුපස දේශපාලන තියෙනවා. මං ඒක පිළිබඳ විවෘතව කතා කරන්න යන්නේ නැහැ. ඒක එයාලගේ අයිතියක්. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ටත් වර්ජනය කරන්න පුලුවන්. ඒකත් එයාලගේ අයිතියක්. නමුත් මං කියනවා පාර්ලිමේන්තුවේත් පිටතත් මේ ගැන ඝෝෂා කරන සියළුම දේශපාලනඥයින්ට. හොඳයි මේක අරගන්න. ගුරු වැටුප් විෂමතාව ඉවර කන්න බිලියන 40ක් ඕන. ඒක පැත්තකින් කියනවා ගුරු වැටුප් විෂමතාව විසඳන්නලු. අනික් පැත්තෙන් කියනවා විදුහල්පතිවරුන්ගේ වැටුප් අඩුයිලු. ඉතින් දෙයියනේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ආවේ ගුරුවරුන්ගේ ගුරු සේවා ව්‍යවස්ථාව හැදුවම 94දී. මේකේ ඉතිහාසය දැනගන්න ඕන. ඔක්කොමලා දැන් පොරොන්දුනේ මේ දෙන්නේ. ආ දැන් විසඳන්නකෝ ඇවිත්. ඔහොම වැටුප් වැඩිකිරීම් කරන්න ගියොත් දැන් තියන පඩිය ගෙවන්න හම්බෙන්නේ නැහැ. මං අභියෝග කරනවා. මේ සුරංගනා කතා කියලා බැහැ. ඔය ඔක්කොම රාජ්‍ය ආදායම එක්කනේ ගලපන්න ඕනි.

