ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ඉඳුනිල් ජයවර්ධන නැමති පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් මෝදර ලෙල්ලම ආසන්න වෙරළට අද (05) ගොඩ ගසා තිබියදී සොයා ගෙන ඇත.
මරණකරු මීට දින දෙකකට ඉහත සිට අතුරුදහන්ව බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්ව තිබූ බවයි වාර්තා වන්නේ.
මේ වනවිටත් ඔහුගේ මියයාම සිදුවූ ආකාරය සහ ඊට හේතු සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය කරගන්නා බව මෝදර පොලිසිය සඳහන් කරයි.
මියගිය ඉඳුනිල් ජයවර්ධන ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරමින් සිටි අතර ඔහු ඔහු මීට පෙර ලක්බිම පුවත්පත, ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතනවලද සේවය කර ඇත.

