කෑගල්ල පොලිස් බල ප්රදේශයේ මංගලගම කුරුඳිය වළහේන ගමෙහි නිවෙසක් ආසන්නයේ ඉවුරක් කඩාවැටී අවුරුදු තුනහමාරක් පමණ වන දරුවකු මියගොස් ඇත.
පසුගිය අගහරුවාදා සවස පහට පමණ මෙම අනතුර සිදුව ඇත.
මියගිය දරුවා සිටි නිවසෙහි පිටුපස ආරක්ෂිත පැතිබැම්මක් නිර්මාණය කිරීමට එදින උදෑසන සිට ඉවුරක් කපා තිබේ.
මෙම කපා තිබූ එම ඉවුර අසල කුඩා දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ අඩි නවයක් පමණ උසට කපා තිබූ ඉවුරෙහි පස් කොටස් ඔහුගේ සිරුර මතට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අසල්වාසීන් එම දරුවා ගොඩට රැගෙන කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත් රෝහල්ගත කළ දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ෂන සිදුකරනු ලබයි.

