Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුවියන්ට සුභ පණිවිඩයක්

2 years ago

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක්.

ඒ අතර වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට පුරෝකථනය කර තිබෙනවා.

ඉන් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000කට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සහ සියලු‍ පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එක් සිසුවියකට රු. 1,200ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබයි.

මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මඟින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකිය. 

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත ය. 

එය රු. 600.00ක වටිනාකමින් යුත් ‘A’ හා ‘B’ ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි ‘A’කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 – 2024.07.10 දක්වා වේ. 

අනෙක් ‘B’කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 – 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදුකළ යුතු වේ.