ලොව ප්‍රමුඛ පෙලේ AI Chips නිෂ්පාදකයෙකු වන Nvidia සිය වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3 දක්වා ඉහළ නංවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ඒ අනුව පරිඝනක චිප් නිෂ්පාදන ලෝකයේ දෙවැනියා වූ සුප්‍රකට ඇපල් සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ද Nvidia විසින් අභිභවා ඇති අතර දැන් එහි දෙවැනි ස්ථානය Nvidia දිනා තිබෙනවා.
මේ සමග ඊයේ(05) දිනය වන විට Nvidia සමාගමේ කොටසක අගය ඩොලර් 1224 දක්වා ඉහළ ගොස් තිබේ.
AI ආශ්‍රීත ආයෝජනයන් සමඟ Nvidia සමාගම කැපී පෙනෙන වර්ධනයක් අත්කරගත් බවයි වෙළඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ.
කෙසේවෙතත් ඩොලර් ට්‍රිලියන 3.15ක වෙළෙඳපොළ වටිනාකමක් සහිත මයික්‍රෝසොෆ්ස් සමාගම මෙම ක්ෂ්‍රේත්‍රයේ පළමු ස්ථානයේ පසුවනවා.
ඩොලර් ට්‍රිලියන 2.99ක වෙළෙඳපොළ වටිනාකමක් සහිත Apple සමාගම තෙවන ස්ථානයේ පසුවනවා.

