Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දස දහසකට ගුරු පත්වීම්! ලැබෙන දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්!

2 years ago

ජාතික පාසල්වල විද්‍යාව, තාක්ෂණවේදය, ගණිතය යනාදි අංශයන්හි පවතින ගුරු පුරප්පාඩු දෙදහසකට අදාළව පත්වීම් ලිපි ඉදිරි සති දෙක තුළ ලබාදෙන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඒ අනුව ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව අවසන් කරන බව ද ඇමැතිවරයා අධ්‍යාපනය පිළිබඳ පැවැති විවාදයට එක් වෙමින් සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම ගුරු සහායකයින් 2,535ක් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පළාත් මට්ටමින්ද ගුරුවරුන් 6000ක් බඳවා ගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.

ඒ අනුව ජූලි මස මැද භාගය වන විට අලුතින් 10,500කට ගුරු පත්වීම් ලැබීමට නියමිත බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.