මාර්ගයේ ගමන් කරන විට අවශ්‍ය බලපත්‍ර සහ ලියකියවිලි රැගෙන යන ලෙස සියලුම රියැදුරන්ට පොලීසියෙන් විශේෂ මතක් කිරීමක් සිදු කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පොලිසිය වාහන ඇති අයගෙන් ඉල්ලා සිටියේ ගමන් බිමන් යාමට පෙර පහත සඳහන් ලියකියවිලි තිබේදැයි පරීක්ෂා කරන ලෙසයි.
සම්මත ලේඛන
රියදුරු බලපත්‍රය
ආදායම් බලපත්‍රය
වාහන රක්ෂණය
විමෝචන සහතිකය
වාහන යෝග්‍යතා සහතිකය (බර වාහන සඳහා)
මේ අතරින් වායු විමෝචන සහතිකය විදුලි හෝ හයිබ්‍රිඩ් වාහන සඳහා අවශ්‍ය නොවේ.

