Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වුණු සුපිරි බොලිවුඩ් නිළියට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරිනියකගෙන් සැර කනේ පහරක්

2 years ago

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනාවුත්ට ආරක්ෂක නිලධාරිනියක් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

ඒ චන්දිගාර් ගුවන්තොටුපොළ තුළදීය.

ඇයට මෙලෙස  පහර දී තිබුණේ ගුවන්තොටුපොළේ සේවයේ නියුතු කුල්වින්දර් කෝර් නම් මධ්‍යම කාර්මික මර්මස්ථාන ආරක්ෂක බළකායේ නිලධාරිනියක් විසිනි.

2020 ගොවි විරෝධතාව ගැන කන්ගනා රනවුත් කළ පහත් ප්‍රකාශකට විරෝධතාවය පළ කිරීමටයි කුල්වින්දර් කෞර් නම් කාන්තා කොස්තාපල්වරිය මෙසේ පහර දී ඇත්තේ.

මේ වන විට කොස්තාපල්වරියගේ වැඩ තහනම් කර අත්අඩංගුවේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.