ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩ විසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
තුවාලකරුවාව සොයාගෙන තිබුණේ පුද්ගලයෙකු තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මතයි.
පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්‍රථිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
සැකකාර චීවරධාරියා මරණකරුගේ ඥාතියෙකු බව පැවසෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකාර චීවරධාරියා විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ වැඩ වාසය කර තිබේ.
පොලිසිය පවසන්නේ මෙම චීවරධාරියා අධික මත්පැන් පානය සඳහා ද ඇබ්බැහි වී සිටින බවයි.
ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.
ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

