Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසලේදී මත් ගුලි කා ක්ලාන්තය සෑදුණු එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු රෝහල්ගත කෙරේ! අයෙක් එක වසරේ!

2 years ago

මත්ද්‍රව්‍ය සහිත ගුලි දෙකක් පාසලේදී කෑ බව කියන බාල වයස්කාර සහෝදරයින් දෙදෙනකු ක්ලාන්ත ගතියක් ඇතිවී පදියතාලාව රෝහලට ඇතුළත් කළ බව අම්පාර, පදියතලාව පොලිසිය පවසනවා.

පාසල් එන අතරවාරයේ මෙම බාල වයස්කාර දරු දෙදෙනාට මත්ගුලි විකුණූ බව කියන අවුරුදු විසි එකක් වයස තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු පදියතලාව, කෙහෙල් උල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ එම ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු සහ හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් වන අතර ඔවුන් දෙදෙනාම සොහොයුරෝ බවයි පැවසෙන්නේ.

මෙම සොහොයුරන් දෙදෙනා පාසැලට එන අතර වාරයේ අතරමග රැඳී සිටි මෙම සැකකාර තරුණයා බාල වයස්කාර සොහොයුරන් දෙදෙනාට මේවා ලබාදීමෙන් පසු ඔවුන් පාසැලට පැමිණ මේවා කා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ බව විදුහල්පතිවරයාටද දැනුම් දී ගුරුවරුන් සහ ගුරුවරියන් පිරිසක් එක් වී සොහොයුරන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා. (monara)