කෑගල්ල මංගල ගම ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ හැපී සිදුවූ අනතුරකින් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඉගෙනුම ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ 26 හැවිදිරි රඹුක්කන ප්‍රදේශයේ තරුණියක්.
එම අනතුරින් ඇයගේ සුරතලා ද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍ය පීථයේ ඉගනුම ලැබූ සිසුවියකි.
ඇය තවත් නොබෝ දිනකින් උපාධිය සම්පූර්ණ කිරීමට සූදානම්ව සිටි සිසුවියක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

