UPDATE
පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොළ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇත.
අනතුරින් පාසල් තුවාල ලැබූ පාසල් ළමුන් සහ දෙමව්පියන් 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාලබේ රාහුල විද්‍යාලයේ ළමුන් පිරිසක් රැගෙන රන්ටැඹේ බලා ගමන්කරමින් තිබූ බස් රථයකි.
වරකාපොළ ප්‍රදේශයේදී බස් රථය ඇළකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
————————————————————————————-
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ තෝරවංගුව අසලදී බස් රථයක් අද (09දා) අළුයමදී අනතුරකට ලක්ව තිබෙනවා.
කොළඹ දෙසින් පැමිණ ඇති මෙම රථය අධික වර්ෂාව හේතුවෙන් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක් පමණ පහළින් ඇති ඇළට පෙරළී ඇත.
මෙම ස්ථානය අනතුරු බහුලම සිදුවන ස්ථානයක් ලෙස සැලකෙනවා.

