කුකුල් චමින්ද අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහුගෙන් පහර කෑමට ලක් වූ කුඩා දැරියගේ වීඩියෝ සමාජ ගත කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්පති ධනපාල ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ළමා ආරක්ෂණ සන්ධානය විසින්.
කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථාව වීඩියෝ කර ජ්‍යෙෂ්ඨ පොලිස්පති, ටී.සී.ඒ ධනපාල මහතා සිය පෞද්ගලික Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය කර තිබුනා.
ලිපියක් යොමු කරමින් මෙම සන්ධානය සඳහන් කරන්නේ වින්දිත දැරියගේ මුහුණ නිවාරණය කිරීම ළමා ආරක්ෂණ ගෝලීය මූලධර්මය උල්ලංඝණය කරන බවයි.
මෙයින් දරුවගේ පෞද්ගලිකත්වය සහ උල්ලංඝනය වන බව එම ලිපියේ සඳහන් වෙනවා.

