Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහනුවර නගරයට ගංවතුර අවදානමක්

2 years ago

නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

පසුගිය දිනවල ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන කිහිපයක් අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ජලගැලීම් වලට ලක්විය

මහවැලි නදියට සමගාමීව උස් ස්ථානයක පිහිටා ඇති මහනුවර නගරයේ වැසි ජලය ඇතුළු අනෙකුත් අප ජලය නගරයෙන් පිටමං කරන ප්‍රධාන ඇළ මාර්ග දෙක අවහිරවන ආකාරයට බොහෝ ව්‍යාපාරිකයන් සිදුකර ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් එම ඇළ මාර්ග දෙක බෙහෙවින් පටුවී ඇති බව ඔහු පවසනවා.

මෙම තත්ත්වය උඩ කෙටි වේලාවක් තුළදී මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාවක් මහනුවර නගරය ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලුනහොත් නගරයට බරපතළ හානි ගෙනදෙන ජල ගැලීම් වලට ලක්විය හැකි බව මහාචාර්යවරයා සඳහන් කළා.