Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අතුරුදහන් වූ ඉන්දුනීසියානු සිව් දරු මවගේ සිරුර පිඹුරෙකුගේ උදරයෙන් හමුවෙයි

2 years ago

පිඹුරෙකුට ගොදුරු වීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දුනීසියාවේ South Sulawesi පළාතෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවූ සිව්රු මවකි.

එම කාන්තාව මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් එක්ව ඇයව සෙවීමට මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එහිදී දැවැන්ත උදරයක් සහිත පිඹුරෙකු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරුව පිඹුරාගේ උදරය තුළින් මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති බව එම වාර්තා සඳහන් කරයි.

පසුගිය වසර කිහිපය තුළදී ඉන්දුනීසියාවෙන් මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තාවිය.