Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් වැඩි වේවිද ?

2 years ago

වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කර තිබෙනවා.

එසේම අතුරු සම්මත ගිණුම මගින් කිසිදු නව යෝජනාවක් ගෙන එන්නේ නැති බවත්, ඒ තුළින් මේ දක්වා සිදුකළ රාජ්‍ය සේවක වැටුප ගෙවීම ඇතුළු අනිකුත් වියදම් සිදුකිරීමට පමණක්ම අවසර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියා.

ඒ අනුව 2025 වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමේ බලය මැතිවරණයෙන් අනතුරුව පත්වන ආණ්ඩුවට හිමිවන අතර රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු අනෙකුත් නව තීන්දු ගැනීමේ බලයද ඔවුනට හිමිවනු ඇත.