Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දශක දෙකකට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකාව ECOSOC වෙත තේරීපත්වෙයි

2 years ago

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සිය ආර්ථික හා සමාජ කවුන්සිලයට තෝරා පත්කර ගෙන ඇත.

ඒ සඳහා සාමාජිකයන් 189 න් 182 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව කලාපයෙන් දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන ඇති අතර, සමස්තයක් ලෙස හත්වන ඉහළම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන තිබේ.

2025 ජනවාරි 1 වැනි දින කවුන්සිලයේ තෙවසරක ධූර කාලය ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා දෙකකදී එනම් 1985-1989 සහ 2006-2008 දක්වා ද එම සභාවට තේරී පත්විය.