Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රීගේ සැප රියේ ගැටුණු තරුණයා ජීවිතයත් මරණයත් අතර සටනක! දින 6ක් පුරාවට දැඩිසත්කාර ඒකකයේ!

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාගේ රථයේ ගැටී රෝහල් ගත කෙරුණු තරුණයා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ සිහි විසඥව සිටින ඔහුගේ ජීවිතය පවත්වාගෙන යනු ලබන්නේ, යන්ත්‍ර උපයෝගී කරගෙන බවයි.

පසුගිය තුන්වෙනිදා  කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොන්ගස්දෙණිය හන්දිය අසල දී මෙම රිය අනතුර සිදුව තිබුණි.

එම රිය අනතුරින් තුවාල ලැබුවේ යතුරුපැදි අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වූ තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

ඔහුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේ දීම කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක්වූයේ, තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු නැමැති තරුණයෙක්.

ඔහු යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක් නිතර වී සිටි අයෙකු බව ද සඳහන්.

මෙම තරුණයාගේ මවද අහිමි අතර අනතුර හේතුවෙන් තරුණයාගේ පියා මේ වනවිට බරපතල මානසික වියවුලකට පත්ව සිටිනවා.