Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රමිතියෙන් තොර සබන් භාවිතයෙන් සංකූලතා! ජනතාවට වැදගත් දැනුම්දීමක්!

2 years ago

ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

එහි භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පැවසුවේ, වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය මත ඇතැම් මව්පියන් ප්‍රමිතියෙන් තොර බාල සබන් වර්තමානයේ තම බිළිඳුන් සඳහා භාවිතා කරන බවයි.

බිළිඳු සම යනු ඉතා සංවේදී තැනක් බැවින් ප්‍රමිතියෙන් තොර සබන් භාවිතා කිරීමේ ප්‍රතිඵල අනාගතයේදී ඇතිවන බව ඇය සඳහන් කරනවා.

තමන්ගේ දරුවන්ගේ සබන් භාවිතා කිරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කළ සහතිකය සහිත බේබි සබන් වර්ගයක් භාවිතා කරන ලෙස ඇය සඳහන් කරනවා.