Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන 14 හා 15 කාලගුණය රළු වෙයි! කාලගුණය කල්තියාම ජනතාවට දැනුම්දෙයි!

2 years ago

ලබන 14 හා 15 දෙදින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසනවා.

එමෙන්ම අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් දවස පුරා විටින් විට වැසි ඇති විය හැකි බවත්, උතුර, උතුරු මැද, නැඟෙනහිර පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඔහු සඳහන් කරනවා.

මේ අතර ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මිලිමීටර් 79.9ක වර්ෂාපතනයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.