Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයක් මතට ගසක් කඩා වැටෙයි

2 years ago

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මතට තෙල්දෙණිය – කෙන්ගල්ල ප්‍රදේශයේදී දිරාගිය සියඹලා ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඉන් සිසුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

අද (10) පෙරවරුවේ අදාළ අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වෑන් රථයේ රියදුරු සහ පාසල් ගුරුවරියන් දෙදෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

ඔවුන් සියලු දෙනා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

දිරාගිය සියඹලා ගස අධිබලැති විදුලු රැහැන් පද්ධතියක් මතට කඩා වැටී විදුලි රැහැන්ද සමඟ එය වෑන් රථය මතට වැටී තිබෙන බවටයි මූලික පොලිස් පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

මෙම දිරාගිය ගස අදාළ ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධව අවස්ථා කිහිපයක දී බලධාරීන් දැනුවත් තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගත් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරනවා.