මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අතුරුදන් වූ ගුවන් යානය සොයා ගන්නා තෙක් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ.
51 හැවිරිදි Chilima ඊයේ (10) උදෑසන ලිලොග්වේ අගනුවරෙන් පිටත් වී ඇති බවයි මලාවි ජනාධිපති කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය සඳහන්කර සිටියේ.
යානය රේඩාර් පද්ධතියෙන් ඉවතට ගිය දා සිට යානය සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට ගුවන් සේවා බලධාරීන් ගත් උත්සාහයන් අසාර්ථක වූ බවයි වාර්තා වෙන්නේ.
සොල්දාදුවන් තවමත් භූමියේ සෝදිසි කිරීම් සිදුකරන අතර යානය සොයා ගන්නා තෙක් මෙහෙයුම දිගටම කරගෙන යා යුතු බවට තමා නියෝග දැඩි කර ඇති බව මලාවි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එමෙන්ම එය හදවත කම්පා කරවන දෙයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

