Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආයුෂ අඩු කරන රූපලාවන්‍ය ආලේපන ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්

2 years ago

නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණයවීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු උද්ගතවී තිබුණත් ඊට එරෙහිව ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සිය සමේ වර්ණය පැහැපත් කරගැනීම සඳහා ස්ත්‍රී – පුරුෂ සහ වයස් භේදයකින් තොරව වර්තමානයේදී විවිධ ආලේපන වර්ග භාවිත කිරීමේ ප්‍රවණතාවය මේ වනවිට ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ නියාමනයෙන් තොරව නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපන සහ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය සංකූලතා වාර්තාවීමද ඉහළගොස් ඇති බවය.

ඒ අනුව එම ආලේපන තුළ රසදිය වැනි බැර ලෝහ මෙන්ම ස්ටෙරොයිඩ ඉහළ සාන්ද්‍රණවලින් අන්තර්ගතවන බව අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවය.

මේ පිළිබඳව අදහස් දක්වමින් චර්ම රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහටවිට පවසා සිටියේ මෙවැනි අදහසක්.

” තැන් තැන්වල සුදු පැල්ලම් ඇතිවෙන එක, මුහුණ රතුවෙන එක, හමේ යට තියෙන රුධිර වාහිනී පැහැදිළිව පෙනෙන තත්ත්වයට පත්වීම, දිලීර ආසාදනම, කුරුලෑ මේ සියල්ල එන්නේ මේ විෂ සහිත ආලේපන නිසයි. ආලේපන ගැටලුවක් නිසා මගේ ළඟට ප්‍රතිකාරවලට ආපු වයස අඩුම කෙනා අවුරුදු 09ක ළමයෙක්. අවුරුදු 15ක දරුවෙක් මම දැක්කා ශරීරය පුරාම ඇදීම් සලකුණු, අවුරුදු 03ක් ආලේපන භාවිතා කරලා.”