Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් – වෑන් ගැටී බිහිසුණු අනතුරක්! වාහනවලට දැඩි හානි!

2 years ago

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටී අද (11) උදැසන සිදු වු රිය අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙක් බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙම අනතුරින් තුවාල ලබා ගිනිගත්හේන රෝහල වෙත ඇතුළත් කෙරුණු දෙදෙනාගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ පෞද්ගලික බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් පසු වෑන් රථය තුල සිර වී සිටි රියදුරා සහ ඉදිරිපස අසුනේ සිටි තවත් අයෙකු බස් රථයේ ගමන් ගත් මගීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා වෑන් රථයෙන් ඉවතට ගෙන රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරෙන් බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, ප්‍රදේශයේ පවතින වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය ලිස්සන සුළු බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙසත් ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.