Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 7කට පසු ප්‍රබලම සූර්ය කුණාටුව අද

2 years ago

මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද (11) පෘථිවියට බලපෑම් එල්ල කරනු ඇති බව නාසා ආයතනය පවසනවා.

මෙහි වැඩිම අවදානම සන්නිවේදන චන්ද්‍රිකාවලට එල්ල වනු ඇති බවටයි අපේක්ෂා කර ඇත්තේ.

මෑත කාලයේ සූර්යයාගෙන් නිකුත් වූ ප්‍රබල සූර්ය ගිනිදැල්වල බලපෑමෙන් එලෝන් මන්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 40ක් පමණ විනාශ වි ඇතැයි ද වාර්තා වනවා. م

තාරකා විද්‍යාඥයින්ට අනුව සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය සෑම වසර 11කට පමණ වරක් උපරිමයට පැමිණෙන විට මෙම ප්‍රබල සූර්ය ගිනිදැල් පිටවීම බොහෝ විට සිදුවනවා.

නාසා ආයතනය පෙන්වාදෙන්නේ පසුගිය සෙනසුරාදා දිනයේ සූර්යයාගෙන් පිටතට නිකුත් වූ මධ්‍යම ප්‍රමාණයේ ගිනිදැල් මගින් හටගත් සූර්ය කුණාටුවක් අද දහවල් පෘථිවියට ළඟා විය හැකි බවයි.