Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයින පුරා ගුරු – විදුහල්පතිවරුන්ගෙන් හෙට දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්

2 years ago

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (12) දිනයේ සියලුම කලාප අධ්‍යාපන කාර්යාල ඉලක්ක කර පාසල් නිමවීමෙන් පසු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

ඒ අනුව හෙට දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය 

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙට පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතය.