Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු – විදුහල්පති විරෝධය අද දහවල් 1න් පසු ඇරඹෙයි

2 years ago

අද (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඒ අනුව අද දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය 

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම මුල් කරගෙන අද පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතය.