පානදුර නල්ලුරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යක් විෂවීමෙන් පුද්ගලයින් 30දෙනෙකු රෝගාතුර වී තිබේ.
පානදුර පොලිසිය පැවසුවේ ඔවුන්ගෙන් පිරිසක් මේ වන විට මේ වන විට පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවය.
තවත් පිරිසක් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සැකසීමේ දී රසායනික ද්‍රව්‍යයක් වෙනස්වීමෙන් මෙම තත්ත්වය හට ගෙන ඇත.
කෙසේවෙතත් සිදුවීමෙන් අනතුරුව තාවකාලිකව අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමට උපදෙස් දුන් බව පොලීසිය පැවසීය.
