අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා පත් කළ කමිටු වාර්තා 2024.06.14 දින ලැබීමට නියමිත අතර එම වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව එම දීමනා වැඩි කිරීමටත් අපේක්ෂිතය බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

