Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන් 25ක් හදිසියේම රෝහල්ගත කරයි

2 years ago

කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක් අද (12දා) උදෑසන පාසලින් ලබා දුන් ආහාර විෂ වීමකින් ආසාත්මික තත්ත්වයට පත්වී කහටගස්දිගිලිය මූලික රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබේ.

මෙම සිසුන් පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර වේල ලබාගැනීමෙන් පසු ටික වේලාවකින් ඇග කැසීම් ඇතිවිමත් සමග සිසු සිසුවියන් 25 දෙනෙකු කඩිනමින් රෝහල් ගත කර ඇත.

උදැසන ආහාර ලෙස කතුරුමුරුන්ගා කොල මැල්ලුම්, හාල්මැස්සන්, බන්ඩක්කා ලබාදී තිබූ බවත් එම ආහාර හේතුවෙන් මෙම ආසාත්මික තාවය ඇතිවී ඇතිබව වෛද්‍යවරුන් පවසති.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 3C සහ 3D යන පන්ති වල සිසුන් වේ.

විදුහල්පතවරයා වන R.රන්ජන් මහතා පැවසූයේ 3D පන්තියට අද දිනයේ ආහාර ලබාදෙන සැපයුම්කාර මව නොපැමනීම හේතුවෙන් 3C පන්තියට ආහාර සපයන මව විසින් 3D පන්තිය සඳහාද ආහාර ලබාදීම සිදුකර ඇති බවත් මේ පිළිබඳව තමාද වැඩිදුර සොයා බලා කටයුතු කරන බවත්ය.