එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ මාරක දුම්රිය අනතුරින් මියගිය ලියනගේ කැලුම් තුෂාර සිල්වා යන අයගේ බිරිඳ ද හදිසි හෘදයාබාදයකින් මිය ගොස් තිබෙනවා.
රසෝමා හසන්ති කබ්රාල් නම් ඇය සිය සැමියාගේ හදිසි වියෝවෙන් බරපතළ ලෙස කම්පාවට පත්ව දරාගත නොහැකි කම්පනය හේතුවෙන් හදිසියේ ඇතිවූ හෘදයාබාදයකින් කොළඹ පෞද්ගලික රෝහලකදි මෙලෙස මියගොස් තිබෙනවා.
තම සැමියාගේ දේහය පිලිබඳව අවසන් කටයුතු සිදු කිරීමට පෙර එනම් පසුගිය 10 වැනිදා දහවල් 11ට පමණ තමන්ගේ පපුව රිදෙන බව පැවසූ බැවින් ඇයව කඩිනමින් රෝහල් ගත කිරීමට පවුලේ සාමාජිකයන් කටයුතු කර ඇති අතර එහිදි ඇය අවාසනාවන්ත ලෙස මෙලෙස මියගොස් තිබෙනවා.
පසුගිය 10 වැනි දින මධ්‍යම රාත්‍රියේම ඇගේ දේහය කැලණියේ, ගෝනවල පමුණුවිල නිවසට රැගෙන විත් ඇති අතර ඊයේ (11) දින ඇගේ අවසන් කටයුතු සිදු කර තිබෙනවා. (source – monara)

