පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමින්ද නම් පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය විය.
ඔහු එම දැරියට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12) විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.
ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවති උත්සවයකදීයි.
එසේම මෙම අවස්ථාවේදී තරුෂ සඳරුවන් කොඩිකාර ට පොලිස්පති ප්‍රණාම ද පිරිනැමිණි.
ඔහුගේ එම වීඩියෝව සමාජ ජාල තුළ ප්‍රචාරය වීමත් සමඟ ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කුකුල් චමින්දව අත්අඩංගුවට ගත්තේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ජූනි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
පහරකෑමට ලක්වූ කුඩා දැරිය මේ වනවිට පරිවාස භාරයේ පසුවෙයි.

