බිබිල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකි.
අනතුරින් තවත් පුද්ගලයින් 6දෙනෙකු තුවලා ලබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවට තොරතුරු වාර්තා වේ.

