Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුඩා දැරියකට තවත් අමානුෂික පහරදීමක්! සිද්ධිය දුටු ගම්වාසීන් සැකකරුට පහර දී දැරියව බේරාගනී!

2 years ago

නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් මීගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම දැරිය පාසල නිමවී නිවසට පැමිණෙන අතරවාරයේ සුළු පියාගේ විරුද්ධවාදියෙකු සමග කතාබහ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා විසින් දැරියට අමානුෂික අයුරින් පහර දෙන ආකාරය දුටු ගම්වාසීන් විසින් අදාළ පුද්ගලයාට පහර දී දැරිය බේරාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පහරදීම සිදුකළ සැකකරුව මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා යුද හමුදා කෝප්‍රල්වරයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.