2018 වසරේ දී, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළි නොකර, ගිනි අවියක් මිල දී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවට අදාළ ව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන්ව එරට අධිකරණය මගින් පසුගිය බදාදා වරදකරු බවට තීන්දු කළා.
ඒ සතියක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.
නිවේදනයක් නිතුක් කරමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ ජුරි සභාව තම පුත්‍රයා සම්බන්ධයෙන් ගත් තීරණයට ගරු කරන බවයි.
හන්ටර් බයිඩන්ට හිමි දඬුවම මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ සාපරාධී ක්‍රියා තුනටම වරදකරු වීම හේතුවෙන් ඔහුට උපරිම වශයෙන් වසර 25ක සිර දඬුවම් නියම කිරීමේ හැකියාවක් ඇති බවයි.
අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා ජනාධිපති ආර්යාව ඇතුළු පවුලේ පිරිස්ද සහභාගි වී සිටි බව සඳහන්.
තම පුත්‍රයාට සමාව ගැනීම සඳහා තමා කිසිඳු මැදිහත්වීමක් සිදු නොකරන බවයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.
එමෙන්ම තම පුත්‍රයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

