Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් යළි ගුරු සේවයට

2 years ago

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආණ්ඩුකරුවන් අතර පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පෙන්වාදී ඇති අතර එළැඹෙන ජුලි 03 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද ප්‍රකාශ කර තිබේ.

එසේම ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවා ගැනීම වෙනුවෙන් දැනට විශ්‍රාම ගොස් සිටින ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන්ව කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර ඇත.

උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 2,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ලබන 19 වනදා අරලියගහ මන්දිරයේ දී සිදුකිරීමට නියමිත බව ද මෙහිදී පවසා තිබේ.