නිළියන්, නිරූපිකාවන් ඇතුළු කාන්තාවන් ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටිය දී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනි තනූජා වීරසූරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
48 හැවිරිදි වියෙහි පසුවන ඇය වැඩිහිටියන් පමණක් සීමා වූ චිත්‍රපටි කිහිපයකට මෙන්ම මෑත කාලීනව විකාශනය වූ ටෙලි නාට්‍ය කිහිපයකටද රංගනයෙන් දායක වී ඇති බව සඳහන්.
වට්ස්ඇප් යෙදුම හරහා ඇය ගණිකා ජාවාරම මෙහෙයවා ඇති අතර උපාය දූතයෙකු යොදවා ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඇය දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

