Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මිය යයි

2 years ago

යාපනය මන්දගායි රෝහලේ සේවය කළ 30 හැවිරිදි අවිවාහක තරුණ වෛද්‍යවරයෙකු අබිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.

ඔහුගේ දේහය නිල කාමරයේ නිදන ඇඳ මත තිබී සොයාගත් බවයි, පේදුරුතුඩුව පොලිසිය සඳහන් කළේ.

මෙම වෛද්‍යවරයා පසුගිය දහවැනිදා සේවා කටයුතු නිමකර පිටව ගොස් තිබූ අතර පසුදා නියමිත පරිදි සේවයට වාර්තා නොකිරීම නිසා හිතවත් වෛද්‍යවරයෙකු ඔහු පිළිබඳව විපරම් කර තිබෙනවා.

එම වෛද්‍යවරයාගේ මොහුගේ නිල කාමරයට ගොස් නම කියා කිහිප වරක් කතා කර තිබුණ ද ඊට ප්‍රතිචාර දක්වා නැහැ.

ඒ හේතුවෙන් දොර කඩා ඇතුළුවීමේදී නිදන කාමරයේ ඇඳ මත උඩුබැලි අතට වැටී ඔහු මියගොස් සිටින අයුරු දැක ඇති බව සඳහන්.

මෙම වෛද්‍යවරයාගේ නාසයෙන් ලේ ගලා ගොස් තිබෙන අයුරු ද දැකගැනීමට තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.