අනාගත අභියෝගය වලට හුරු කිරීමට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව වෙනසකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සදහන් කරයි.
ඒ සදහා ඔවුන්ට අදාළ නවීන තාක්ෂණික හා භාෂා ඥානය ලබාදීමට කටයුතු කරන බවත් අනාගතයේදී ඇතිවිය හැකි පරිසර තර්ජන පිළිබඳ අවධානයට ලක් කරමින් ඊට විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවද සාගල රත්නායක සදහන් කරයි.
ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණ විපර්යාස පිළිබඳව සොයා බැලීමට එම ක්ෂේත්‍රය සඳහා තරුණයන් යොමු කිරීමට යොවුන් සේනාංකය හරහා සිදු කළ හැකි බවද සාගල රත්නායක සදහන් කරයි.

