Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඳුකර දේශපාලනයේ ප්‍රබලයෙක් සජිත්ට එක්වෙයි

2 years ago

මධ්‍යම පළාත් සභාවේ උපසභාපතිවරයා අවස්ථා දෙකක දී සහ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා මෙන් ම මහනුවර දිස්ත්‍රික්කයේ වසර 25කට වැඩි කාලයක් ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ දොරේස්වාමි මැතියුගරාජා මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

වසර තිහකට වැඩි දේශපාලන හා වෘත්තීය සමිති අත්දැකීම් ඇති දොරේස්වාමි මැතියුගරාජා මහතා දේශපාලනය සහ වෘත්තීය සමිති පිළිබඳ පුළුල් දැනුමක් ඇති අයෙකි.

ඉංග්‍රීසි, දෙමළ සහ සිංහල යන භාෂාවලින් බහුභාෂා කථිකයෙකු ද වන දොරේස්වාමි මැතියුගරාජා මහතා ලේඛකයකු ද වේ.