ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පවසුවේ එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙන බවය.
දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බවත්, රටේ ශක්තිය අධ්‍යාපනය වන බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
තවද මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.
හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

