Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජපානයට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක්! ස්ථීර පදිංචිය ලබා ගැනීමට අවස්ථාවක්!

2 years ago

ජපානය, විදෙස් ශ්‍රමිකයින් සඳහා 2027 වසරේ සිට ස්ථිර පදිංචිය ලබාදීමට තීරණය කර තිබෙනවා.

එය අරමුණු කර ගනිමින් විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු සංශෝධන පනතක් පාර්ලිමේන්තුවදී පසුගියදා සම්මත කළේය.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වසර තුනක් ඇතුළත නිශ්චිත පුහුණු සේවකයකු ලෙස ජපානය තුළ රැකියා කිරීමට, විදේශිකයන් පුහුණු කිරීමයි.

ඊට හෙද සත්කාර, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය වැනි ශ්‍රම ඌනතා පවතින ක්ෂේත්‍ර රැසක් ඇතුළත්.

නව පනත මගින්, ජපානයේ ස්ථිර පදිංචියට අවසර හිමිවන විදෙස් ශ්‍රමිකයින් රජයට ගෙවිය යුතු බදු සහ අනෙකුත් ගෙවීම් හිතාමතා පැහැර හරින අවස්ථාවන්හිදී, ඔවුන්ගේ ස්ථිර පදිංචිය අවලංගු කිරීමට ද හැකියි.