පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපතිවරයා පත්කළ කමිටුව නොපිළිගන්නා බව කතෝලික සභාව අවධාරණය කරයි.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සැබවින්ම අවශ්‍යතාවක් ඇත්නම් එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයාබලා නඩු පැවරීමට බලය ඇති විශේෂ නිලධාරියෙකු හෝ කාර්යාලයක් ස්ථාපිත කරන ලෙසය.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ ප්‍රතිචාර දැක්වූයේ ඊයේ අගරදගුරු මැදුරේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

